යටියන්තොට වතු නිවාස පේළියක ගින්නකින් දෙදෙනෙක් මරුට

යටියන්තොට වතු නිවාස පේළියක ගින්නකින් දෙදෙනෙක් මරුට

යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ පිහිටි ලැයිම් නිවාස පෙලක අද (03) අළුයම් කාලයේ ඇතිවූ ගින්නකින් එක් නිවසක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ 50 යන වයස්වල පසුවන පැලැල්ලේගම, යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න හේතුවෙන් ලැයිමේ පිහිටි නිවාස 03කට හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ යටියන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This