web hit counter
පේරාදෙණිය සරසවියේ දෙපිරිසක් ගැටී තුනක් රෝහලට

පේරාදෙණිය සරසවියේ දෙපිරිසක් ගැටී තුනක් රෝහලට

පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසකගේ ගැටුමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

සිද්ධිය ඊයේ රාත්‍රියේදී සිදුවි ඇති බවත්, ඉංජිනේරු පීඨයේ සිසුන් හා දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් අතර සිදුවු ගැටුමකින් පහර කෑ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්දව පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව පොලිසිය පැවසිය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )