web hit counter
ක්‍රිකට් පරාජය කුමන්ත්‍රණයක් – තේරීම් කමිටු සභාපති කියයි

ක්‍රිකට් පරාජය කුමන්ත්‍රණයක් – තේරීම් කමිටු සභාපති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද (10) අලුයම පැවසීය.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත්, මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේදී ඔහු මෙම අදහස් දැක්වූයේ දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )