චීන අවන්හලක පිපිරීමකින් 31 මරුට

චීන අවන්හලක පිපිරීමකින් 31 මරුට

චීනයේ වයඹදිග යෙන්චුන් ප්‍රාන්තයේ බාබකිව් අවන්හලක ඊයේ (21) රාත්‍රියේ සිදුවූ ගෑස් පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය පවසයි.

අවන්හල තුළ තිබූ ද්‍රව ගෑස් ටැංකියක කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර එය ඊයේ රාත්‍රී 8.40 ට පමණ සිදුව ඇති බව චීන රාජ්‍ය විකාශන ආයතනය කියයි.

පිපිරීමෙන් තුවාල ලැබූ හත් දෙනා රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අනෙක් හයදෙනා සුළු තුවාල, පිළිස්සුම් සහ වීදුරු කැපුම්වලට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබති.

ප්‍රාදේශීය ගිනි නිවන බලධාරීන් වාහන 20 ක් සහ ගිනි නිවන භටයින් 100 කට වැඩි පිරිසක් එම ස්ථානයට යවා ඇති අතර, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අද අලුයම 4 දක්වා පැවති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.

 

Share This