දප්පුල ව අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිගෙන් ප්‍රතිඥාවක්

දප්පුල ව අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිගෙන් ප්‍රතිඥාවක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බවට නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් කැඳවීමට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.