උසස්පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට

උසස්පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නැටුම්, සංගීත, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යාව විෂයන් සඳහ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වන බවයි, විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම විෂයයන්හි පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාළ පාසල් වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අයැදුම්පතෙහි සඳහන් ලිපිනයන්ට ද යොමු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය..

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත් භාගත කළ හැකිය.