උසස් පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සුළු වෙනස් වීමක් සිදුව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

කොරියානු භාෂාව මෙවර උසස් පෙළ විෂය ධාරාවට නව විෂයක් ලෙස එකතු වී ඇති අතර එය කාලසටහන සඳහා එකතු කිරීමට යාමේදී එහි සුළු වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුවු බව විභාග කොමසාරිස්වරයා කියා සිටියි.

ඒ හේතුවෙන් මීට පෙර නිකුත් කළ උසස් පෙළ විභාග කාලසටහන භාවිත නොකරන ලෙස සියළු විභාග අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ.

ඇතැම් වෙබ් අඩවිවල මෙම කාලසටහන වැරදි ලෙස සටහන් කර ඇති බවත්, අපේක්ෂකයින්ට පහසුවන ලෙස ප්‍රවේශපත්‍රයේම නව කාලසටහන දක්වා ඇති බවත් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේය.

ඒ අනුව කිසිදු වෙනත් තොරතුරකට යාමට අවශ්‍ය නොවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ප්‍රවේශපත්‍රයේ වෙන්කර ගැනීමට කොටසක් ඇති බැවින් එම කොටසේ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, කුමන පත්‍රය ද, මාධ්‍ය, ඒ ඒ විෂයන් පැවැත්වෙන වේලාව සඳහන් කර තිබේ.

එය ප්‍රමාණවත් බවත්, උසස් පෙළ කාලසටහන පිළිබඳ තවත් කිසිදු දෙයක් සෙවීමට අවශ්‍ය නොවන බවත් විභාග කොමසාරිස්වරයා අවධාරණය කළේය.

 

Share This