කොට්ඨාස කිහිපයකට විශේෂ විභාග මධ්‍යස්ථානයක්

කොට්ඨාස කිහිපයකට විශේෂ විභාග මධ්‍යස්ථානයක්

පවතින අපදා තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

හෙට (04) ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මෙම විභාග මධ්‍යස්ථානය පිහිටුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සියලුම විෂයන් සඳහා මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ මෙම විශේෂ විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇති බවය.

මෙම විශේෂ විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටීම සඳහා විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍රය වලංගු වන බව ද එම නිවේදනයේ සඳහන්ය.

නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීමට බාධාවක් නොමැති විභාග අපේක්ෂකයින් ප්‍රවේශ පත්‍රයේ සඳහන් විභාග මධ්‍යස්ථානයේදී ම විභාගයට පෙනී සිටීම අනිවාර්යය බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share This