සාමාන්‍ය පෙළ ප්‍රවේශපත්‍ර ගැන විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රවේශපත්‍ර ගැන විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ, අදාළ විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට ලබානොදී රඳවාගැනීම සිදුනොකළ යුතු බවය.

යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )