ලක්ෂ 48ක EPF නොගෙවූ සමාගමකට නඩු

ලක්ෂ 48ක EPF නොගෙවූ සමාගමකට නඩු

රුපියල් ලක්ෂ 48 කට අධික සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සමාගමකට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (19 වැනිදා) නඩු 3ක් පවරා තිබේ.

අංක 717, බේස්ලයින් පාර, කොළඹ 9 ලිපිනයේ පිහිටි ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි ලිමිටඩ් ආයතනයට එරෙහිව එම නඩු පවරා තිබිණි.

රුපියල් හතළිස් අටලක්ෂ පනස් නවදහස් තුන්සිය පනහක (48,59,350) සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් මෙම නඩු 3 කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

Share This