web hit counter
යතුරුපැදි අනතුරින් මිය ගිය තරුණයාගේ අවමගුල් පෙරහරේ තනි රෝදෙන් වැඩ දැමූ තරුණයින්ට අවවාද දුන් අයෙකුට තරුණයින් පහර දීලා

යතුරුපැදි අනතුරින් මිය ගිය තරුණයාගේ අවමගුල් පෙරහරේ තනි රෝදෙන් වැඩ දැමූ තරුණයින්ට අවවාද දුන් අයෙකුට තරුණයින් පහර දීලා

යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණ පිරිසකට අවවාද කල තිදරු පියෙකුට තරුණ පිරිසක් ඊයේ (09) පස්වරුවේ හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඉකුත් අඟහරුවාදා (07) පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී 19 හැව්රිදි තරුණයෙකුගේ අවසන් කටයුතු ඊයේ (09) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදුකර තිබේ.

එහිදී මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි පනහක පමණ පෙළපාලියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන් සංදර්ශන ඉදිරිපත් කර තිබේ.

ඒ දෙස බෝහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලාසිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එහෙත් එහි රැදී සිටි තිදරු පියෙකු එයට විරෝධතාව පලකර තිබේ.

එයින් උරණවූ තරුණයන් තිහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ දෙදරු පියාට අතින් පයින් සහ හෙල්මට් වලින් පහරදී ඇති බවත් , ප්‍රදේශයේ කිහිප දෙනෙක් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහුව බේරාගත් බව සිද්ධිය ඇසින් දුටූවන් පැවසීය.

සිද්දිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )