සේවය අතහැර ගිය මහනුවර නගර සභා සේවකයෙකුට වසර 4ක් වැටුප් ගෙවලා

සේවය අතහැර ගිය මහනුවර නගර සභා සේවකයෙකුට වසර 4ක් වැටුප් ගෙවලා

මහනුවර මහ නගර සභාවට බඳවාගත් කම්කරුවෙකු මාස 03 ක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සේවය අතහැර ගිය පසුත් වසර 04 ක කාලයක් වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභාවේ විගණන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.

එසේ ඔහුට ගෙවා ඇති වැටුප් මුදල රුපියල් ලක්ෂ 17 ක් වන අතර ඔහු එසේ වැටුප් ලැබූ කාලය තුළ වසර එකහමාරක කාලයක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුප්ථාපනය කරන කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වී ඇති බවද අනාවරණය වී තිබේ .

මහනුවර මහ නගර සභාවේ කම්කරුවෙකු වශයෙන් 2019 වසරේ අප්‍රේල් මස 02 වැනි දින රුපියල් 30,500.00 ක මාසික වැටුපකට බඳවා ගැනීමෙන් අනතුරුව ඔහුනගර සභාවේ ජල දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොට ඇති අතර එම වසරේම ජූලි මාසයේදී ඝන අපද්‍රව්‍ය එකකයට ස්ථාන මාරුවක් ලබා දීමෙන් පසු ඔහු සේවය හැරගොස් තිබේ.

ඔහු සේවය හැර ගොස් ඇති බවට ඝන අපද්‍රව්‍ය ඒකකය විසින් නගර සභා පරිපාලනයට දන්වා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස් කොමසාරිස්වරියට ද දැනුම් දී තිබේ.