ඇල්ලේ කඳු තරණයට ගිය තරුණයෙකු ප්‍රපාතයකට ඇද වැටී ජීවිතක්ෂයට

ඇල්ලේ කඳු තරණයට ගිය තරුණයෙකු ප්‍රපාතයකට ඇද වැටී ජීවිතක්ෂයට

ඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙහැවිරිදි තරුණයකු රාවනා ඇල්ල ප්‍රදේශයෙන් ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඇල්ල පොලීසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මොරගොල්ල, බේරුවල පදිංචිව සිටි විසි දෙහැවිරිදි තරුණයෙකි.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (22) උදෑසන මිතුරෙකු සමග ඇල්ල කඳුවැටියට නැග සවස් කාලයේදී ඉන් බැසීමට ගිය පුද්ගලයෙකු එක්වරම ලිස්සා ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා වැල්ලවාය දිසාරෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

මෘත ශරීරය වැල්ලවාය දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.