පල්ලියේ මුරකරු මරා පිංකැටය කැඩූ සැකකරු කොටුවෙයි

පල්ලියේ මුරකරු මරා පිංකැටය කැඩූ සැකකරු කොටුවෙයි

හැටන් ජුම්මා පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය කඩා මුදල් රැගෙන ගිය සැකකරු සමන්තුරේ ප්‍රදේශයේදි අත්අඩංගුවට.

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය කඩා මුදල් රැගෙන පලාගිය සැකකරු සමන්තුරේ නගරයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටියදී සැකපිට ඊයේ (19) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඒ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දුන් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

සැකකරු හැටන් ප්‍රදේශයේ දින ගණනාවක් රැදි සිටිමින් ඉකුත් (09) දින අලුයම හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය තුල තිබු මුදල් රැගෙන යාම සම්බන්ධයෙන් එම සැකකරුගේ ඡායාරුප මාධ්‍ය මගින් ප්‍රචාරය විමත් සහ හැටන් පොලිසිය මගින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වලට සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස කල දැනුම් දිමක් මත සැකකරු අත්අඩංගුවට ගැනිමට සමන්තුරේ පොලිසිය සමත් වී ඇත.

සැකකරු මනුෂ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සයින්දමරුදු, කල්මුණේ, සමන්තුරේ පොලිස් ස්ථානවලට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත්, සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිට බන්ධනාගාරයෙන් පලාගිය සැකකරුවෙකු බවට දැනට කරන ලද මුලික විමර්ශනවලදි අනාවරණය වු බවයි සමන්තුරේ පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

Share This