බිත්තරයක උපරිම සිල්ලර මිළ මේ සතියේ

බිත්තරයක උපරිම සිල්ලර මිළ මේ සතියේ

බිත්තර සදහා උපරිම සිල්ලර මිල නියම කරන යෝජනාව මෙම සතිය ඇතුලත පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ .

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත් මේ වන විට මෙරට දෛනික බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් මෙහිදී අවධාරණය විය.

දැනට ලේයර් මව්සතුන් 130,000ක් සිටින අතර අවශ්‍යතාවය 80,000ක් වේ. අවශ්‍යතාවටත් වඩා මව්සතුන් සිටියදී පැටව් හා බිත්තර නිෂ්පාදනය ඉහළ නොයාමට හේතුව සොයා බලන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.