රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

අධික වර්ෂාවත් සමග මාර්ගවල ලිස්සන සුළු ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් රිය ධාවනය කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

එම අධිකාරිය සඳහන් කළේ, විශේෂයෙන් අධිවේගි මාර්ගවල සහ කඳුකර මාර්ග වල රිය ධාවනය කිරීමේදී වඩා සුපරික්ෂාකාරී විය යුතු බවයි.

අධිවේගි මාර්ගයේ රිය ධාවනය කිරීමේදී තිරිංග පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

ඊට අමතරව කඳුකර මාර්ගවල නායා යෑම් හා කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බැවින් එම මාර්ගවල රිය ධාවනය කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

Share This