ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 181 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 83 කින් ද අඩු කළ බවයි, කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මුදිත පිරිස් මහතා සඳහන් කළේ.

එම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3186 ක් දක්වාද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1281 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 598 දක්වා ද පහත වැටුණු බව මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This