අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව ඊයේ (27) දිනයට සාපේක්ෂව අද (28) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ මිල පහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව, අද (28) දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 301.15ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 316.67ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ඊයේ (27) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 301.32ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 316.72ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණේ.

මේ අතර, අද දිනයේ මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 300.71 – රු. 318.51

සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00

කොමර්ෂල් බැංකුවේ – රු. 299.66 – රු. 316.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 315.00

සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 319.00

එන්.ඩී.බී. (NDB) – රු. 300.00 – රු. 315.00

අමානා බැංකුව – රු. 305.00 – රු.315.00

ලංකා බැංකුව – රු.302.00 – රු. 316.42

Share This