කුකුළු මස් මිල තවත් ඉහළට

කුකුළු මස් මිල තවත් ඉහළට

වෙ‌ළෙඳ පොළෙහි කුකුළු මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට වෙළෙඳුන් පියවර ගෙන තිබේ.

මේ වන විට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,450ත් 1,500ත් අතර මිලකට වෙළෙඳුන් අලෙවි කරන බවයි, පාරිභෝගිකයින් පවසන්නේ.

කුකුළු මස් මිල ඉහළ යාම තවත් ආහාර වර්ග ගණනාවක මිල ඉහළ යාම කෙරෙහි ද බලපා තිබෙන බැවින් පාරිභෝගිකයින් දැඩි ලෙස පීඩාවට පත්ව ති‌බේ.