මුණුපුරාගේ තියුණු ආයුධ පහරින් සීයා – ආච්චී මරුට

මුණුපුරාගේ තියුණු ආයුධ පහරින් සීයා – ආච්චී මරුට

දෙමෝදර බල්ලකෙටුව මාවෙලගම ප්‍රදේශයේ දී මුදල් ආරවුලක් මත වයෝවෘද්ධ අඹු සැමි යුවලක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි බල්ලකෙටුව පොලීසිය පවසයි.

මෙම ඝාතනය මෙම අඹුසැමි යුවළගේ මුණුපුරා විසින් සිදුකර ඇති බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 75 සහ 68 යන වයස්වල පසුවන අඹුසැමි යුවළක් බවද පොලිසිය පවසයි.

සැකකාර මුණුපුරා ඊයේ (04) රාත්‍රියේ මෙම අඹු-සැමි යුවළගෙන් මුදල් ඉල්ලා ආරවුලක් ඇතිකරගෙන ඇති බවත් පසුව ඔහු තියුණු ආයුධයකින් දෙදෙනාටම පහර දී ඇති බවට තොරතුරු ලැබුණු බව පොලිසිය පවසයි.

බරපතල කැපුම් තුවාල ලැබූ අඹුසැමි යුවළ දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කාන්තාව බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය ද මියගොස් ඇත.

Share This