පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රිකයන් අතර ගැටුමකින් 64ක් ජීවිතක්ෂයට

පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රිකයන් අතර ගැටුමකින් 64ක් ජීවිතක්ෂයට

පැපුවා නිව්ගිනියාවේ හයිලන්ඩ්ස් ප්‍රදේශයේ ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 64 දෙනෙකු මිය ගොස් තිබෙනවා

එංගා පළාතේ ගෝත්‍රික ආරවුලක් අතරතුර මොවුන් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

හයිලන්ඩ්ස් ප්‍රදේශය දිගු කලක් ප්‍රචණ්ඩත්වය සමග අරගල කර ඇති නමුත් මෙම ඝාතන වසර ගණනාවකට පසු සිදු වූ දරුණුතම ඝාතන බවටයි සැලකෙන්නේ.

පෝට් මෝර්ස්බි අගනුවරට වයඹ දෙසින් දළ වශයෙන් කිලෝමීටර් 600ක් දුරින් පිහිටි වබාග් නගරය ආසන්නයේ පොලිසිය සිරුරු රැස් කිරීමට ආරම්භ කර තිබෙනවා

ඉඩම් සහ ධනය බෙදා හැරීම සම්බන්ධයෙන් උග්‍රවන ගෝත්‍රික ගැටුම් හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී එංගා හි මාස තුනක අගුලු දැමීමට හේතු වූ අතර, එම කාලය තුළ පොලිසිය ඇඳිරි නීතිය සහ ගමන් සීමාද පැනවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පසුගිය සති අන්තය තුළ එංගා පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ගෝත්‍රික කණ්ඩායම් 17ක් පමණ සම්බන්ධ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This