අනවසර විදුලි රැහැනක පැටලුනු පියා සහ දියණියට අත් වූ අවාසනාවන්ත ඉරණම

අනවසර විදුලි රැහැනක පැටලුනු පියා සහ දියණියට අත් වූ අවාසනාවන්ත ඉරණම

එළවළු කොටුවකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් පියෙකු සහ දියණියක මියගොස් ඇති පුවතක් පුස්සැල්ලාව මායිප්පල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගොවි මහතෙකු සහ ඔහුගේ අවුරුදු 2යි මාස 8ක් වයසැති දියණිය වන බවයි පුස්සැල්ලාව පොලිසිය සඳහන් කලේ.

මරණකරු විසින් තම වගාව සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා මෙලෙස අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර, ඊයේ (29) පෙරවරුවේ ඔවුන් එළවළු කොටුවේ කටයුතු කරමින් සිටියදීයි මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ.

සිද්ධියෙන් පියා සහ දියණිය ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදීත් ඔවුන් මිය ගොස් සිටි බව සඳහන්.