පව්සි නිසා දුම්රිය රැසක ගමන ප්‍රමාදයි

පව්සි නිසා දුම්රිය රැසක ගමන ප්‍රමාදයි

පව්සි කාර්යාල දුම්රිය අද 12 අළුයම 5.50ට පමණ අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී ආපදාවකට ලක් වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වී තිබේ.

ආපදාවට ලක් වූ දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානයේ දී වෙනත් මාර්ගයකට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

Share This