පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්

පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි.

වසරේ ගතවූ කාලය තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක් ලැබී ඇති බවයි, ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ

ඉන් පැමිණිලි 9774 ක්ම ලැබී ඇත්තේ මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 ක්ෂණික දුරකතන අංකයටයි.

අනෙකුත් පැමිණිලි මහජන පැමිණිළි විමර්ශණ අංශයට ලැබී තිබේ.

ඉන් පැමිණිලි 1800කට අධික සංඛ්‍යාවකට මේ වන විට විසඳුම් ලබා දී අවසන් ය.

පැමිණි විභාග නොකිරීම,බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බවයි, පොලිස් කොමිසම පැවසුවේ.

1960 ක්ෂණික දුරකතන අංකය හරහා පැය 24 පුරා පොලිසියේ අනීතික ක්‍රියාවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අවකාශ පවතින බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ ය.

Share This