උඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා

උඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා

දුම්රියක් පීලි පැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ලවී ඇත.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සීඝ්‍රගාමි දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ.

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර මෙලෙස දුම්රියක පීලි පැන ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම දුම්රියේ නැරඹුම් මැදිරිය සහිත මැදිරිය ක් මෙසේ පිළීපැනිමට ලක් වී ඇති අතර, මින් දුම්රිය මාර්ගයට ද අලාභ හානි වී ඇති බව දුම්රිය ආරංචි මාර්ග පවසයි.

මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

 

🔴දිලිත් ගොඩ දාන සන්නා | IQ නැති ඒලෙවල් ළමයි | ගංවතුර ජරමර | පාඨලීගේ ජනරජ පාටිය

මෙතනින් වීඩියෝව බලන්න ⤵️