ග්ලැසියරයකින් වසර 20කට පෙර මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

ග්ලැසියරයකින් වසර 20කට පෙර මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

ඔස්ට්‍රියාවේ ටිරෝල් ප්‍රාන්තයේ ශීඝ්‍රයෙන් දියවෙමින් පවතින ග්ලැසියරයකින් වසර 20කට පෙර මියගිය බවට සැලකෙන පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

නැගෙනහිර ටිරෝල් හි Schlatenkees ග්ලැසියරයේ අඩි 9,500ක් ඉහළට ගිය කඳුකර මාර්ගෝපදේශකයෙකු විසින් මළ සිරුර සොයා ගත් බවයි එරට පොලිසිය පවසන්නේ

බැංකු කාඩ්පතක් සහ රියදුරු බලපත්‍රයක් සහිත බෑගයක් ඒ අසල තිබී සොයා ගෙන ඇති අතර සිරුර එම ස්ථානයෙන් ඉවත් කර ගැනීම සඳහා එරට පොලිසිය හෙලිකොප්ටරයක් යොදා ගෙන තිබෙනවා

මෙම පුද්ගලයා ඔස්ට්‍රියාවේ සිට පැමිණි අයෙකු බවත් මිය යන විට 37 හැවිරිදි වියේ පසුවූ බවත් පොලිසිය විශ්වාසය පළ කරනවා

තවදුරටත් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණවල ප්‍රතිඵල දැනගැනීමට සති කිහිපයක් ගතවනු ඇතැයි පොලිස් ප්‍රකාශක Christian Viehweider BBC පුවත් සේවයට පවසා තිබෙනවා

Schlatenkees යනු වේගයෙන් දියවන ග්ලැසියරවලින් එකක් ලෙසයි සැලකෙන්නේ

Share This