යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

මුලතිව් මුල්ලියාවලෙයි මාමුලෙයි ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එක් තරුණයෙකු අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් සිටි අතර අනෙක් තරුණයා රෝහල ගත කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මුල්ලියාවෙල බූතන්වායල් ගම්මානයේ පදිංචි 18 හැවිරිදි තිර්ලෝකචන්ද්රන් කේතීස්වරන් නමැති තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

අධික වේගයෙන් පැමිණි මෙම යතුරු පැදිදෙක මාමුලෙයි විෂ්ණු කෝවිල අසලදී එකිනෙක ගැටීම නිසා වයස අවුරුදු 17 ක හා 18 ක තරුණයින් දෙදෙනෙකු මියගොස් අති අතර ඔවුන් දෙදෙනාටම රියදුරු බලපත්‍ර පවා නොතිබූ බව පොලීසිය පවසයි.

මුල්ලියාවලෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Share This