ආපදා මරණයකට දෙලක්ෂ පනස්දහසක වන්දියක්

ආපදා මරණයකට දෙලක්ෂ පනස්දහසක වන්දියක්

අයහපත් කාලගුණයෙන් සිදුවූ අනතුරුවලදී මියගිය එක් පුද්ගලයෙකු සඳහා වන්දි ලෙස රුපියල් දෙලක්ෂ පනස්දහසක් ලබා දෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යාපන සහ මහජන දැනුවත් කිරීමේ අංශ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ඊට අමතරව නිවාස පිරිසුදු කර ගැනීම සඳහා රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක් ද ලබා දෙන බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය.

ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම්, තාක්ෂණික නිලධාරීන්ගේ තක්සේරු වාර්තා අනුව නිවාස හානි වීම් සඳහා වන්දි ලබාදෙන බව හෙතෙම පැවසීය.

නිවාස හානිවීම් සඳහා වන්දි ලබාදීමේදී ගතවන කාලය නිවාස ප්‍රමාණය සහ තක්සේරු වාර්තා ලැබීමට යන කාලය මත තීරණය වන බව ද ඔහු අවධාරණය කළේ ය.

මේ අතර, කඳවුරුවල රැඳී සිටින ජනතාවට පිසූ ආහාර ලබාදෙන බවත් ගංවතුරෙන් කොටුව සිටින පවුල් සඳහා වියළි ආහාර ලබා දෙන බව ද කොඩිප්පිලි මහතා පැවසීය.

අවදානම් සහිත ප්‍රදේශවලින් ජනතාව ඉවත් නොවීමේ ගැටලුව තවමත් පවතින බවත් ආපදා කළමනාකරණ අංශ ලබාදෙන උපදෙස් නොතකා ගංවතුරේ දිය නෑමට යාමෙන් මරණ බොහොමයක් වාර්තා වූ බව ප්‍රදීප් කොඩිප්පිපිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This