ඩයනාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ඩයනාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.

ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පැවසීය.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් සහිත කාන්තාවක බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ඇයට පාර්ලිමේන්තුවට පත්වීමට හෝ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකරුවකු වන ඕෂල හෙරත් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Share This