මධ්‍යම පරිසර අධිකාරියෙන් අද ගිතෙල් බත් දන්සලක්

මධ්‍යම පරිසර අධිකාරියෙන් අද ගිතෙල් බත් දන්සලක්

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ ගිතෙල් බත් දන්සලක් අද පැවැත්වේ.

බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 104 දරණ පරිශ්‍රයේ දී අද දහවල් 12.00 සිට මෙම විශේෂ දන්සල පැවැත්වෙන බවයි, එම අධිකාරිය පවසන්නේ.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලයේ මූල්‍ය කැපවීමෙන් දන්සල සංවිධාන .කර තිබේ.

පිසූ සහල් කිලෝග්‍රෑම් 400කින් 3200ක පමණ පිරිසට මෙම දන්සල පිරිනැමීමට නියමිතය.

දන්සලට සහභාගි වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවට කාරුණිකව ආරාධනා කරයි.

Share This