අනුර හා දුමින්දත් ‌කෝප් කමිටුවෙන් ඉවත් වෙති

අනුර හා දුමින්දත් ‌කෝප් කමිටුවෙන් ඉවත් වෙති

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන් මේ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

වත්මන් කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන මහතාට වංචා හා දූෂණ චෝදනා එල්ල වි ඇති බවත් ඒ අනුව එම කමිටුවේ සේවය කිරීමෙන් ඵලක් නොමැති බවත් අනුර කුමාර දිසානායක මහතා දැනුම් දුන්නේය.

මේ අනුව කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති සාමාජිකයන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන්නේය.