රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, ඊයේ (19) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.

එසේම, තවදුරටත් නිරාකරනය කරගත යුතු කරුණු සම්බන්ධයෙන් මේ මස (31) වනදා වන විට සාකච්චා කර අවසන් තීරණයකට එලඹීමට නියමිතයි.

ඒ අනුව අද (20) උදෑසන සිට සාමාන්‍ය පරිදි රේගුවේ වැඩකටයුතු සිදුවෙයි.