ඇඳිරි නීතිය ගැන පොලීසියෙන් නිවේදනයක්

ඇඳිරි නීතිය ගැන පොලීසියෙන් නිවේදනයක්

අද (22) උදෑසන 6 සිට දහවල් 12 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය ඉන් අනතුරුව දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඊයේ (21) රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය දැමුණු අතර පසුව එය අද දහවල් 12 දක්වා දීර්ඝ කිරීමට බලධාරීන් තීරණය කළේය.