දර්ශනීය උල්කාපාත වැස්සක් නැරඹීමේ අවස්ථාවක්

දර්ශනීය උල්කාපාත වැස්සක් නැරඹීමේ අවස්ථාවක්

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට එලෙඹෙන 14 වැනි දා හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ලබන 14 දින රාත්‍රී 9.00 න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කළේ.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂා වලින් එකක් ලෙස සැලකේ.

පෘථිවිය පයිතන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගමන් කිරීමෙදී ග්‍රහක කොටස් වායුගෝලය සමග ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.