ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කාන්තා ක්‍රිකට් තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කාන්තා ක්‍රිකට් තීරණාත්මක තරගය අද

ආසියානු ක්‍රීඩා උලෙළේ පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තීරණාත්මක තරග දෙක අද පැවැත්වීමට නියමිතයි.

අවසන් පූර්ව වටයේ පළමු තරගය මේ වන විට බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වෙමින් තිබේ.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භවීමට නියමිව තිබේ.

තරගය පැවැත්වෙන්නේ Hangzhou හිදියි.

Share This