වාහන හැර සෙසු භාණ්ඩ වල ආනයන සීමා ලබන මස ඉවතට

වාහන හැර සෙසු භාණ්ඩ වල ආනයන සීමා ලබන මස ඉවතට

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙරට විශාලතම අර්බුදය වුණු රෙමිටන්ස් අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවී තිබෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ආනයනය කිරීමට සංචිත ශක්තිමත් වෙමින් තිබෙන බවද සඳහන් කළේය.

ලබන මාසය වනවිට වාහන සඳහා අදාල එච් එස් පී හෝට් 270 කට ආසන්න ප්‍රමාණය හැර අනෙකුත් ඕනෑම සියලුම භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

 

Share This