ක්‍රිකට් නිලවරණය අද ! ෂම්මි යළි ක්‍රිකට් මහ පුටුවට

ක්‍රිකට් නිලවරණය අද ! ෂම්මි යළි ක්‍රිකට් මහ පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 වර්ෂයට අදාළව නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමේ නිලවරණය අද පැවැත්වෙනවා.

එමෙන්ම හැට දෙවැනි වාර්ෂික මහා සභා රැස්වීම ද අද (20) පැවැත්වෙන අතර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මණ්ඩලය නිතරගයෙන් යළි පත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම නිලවරණයේ දී තෝරා පන්කර ගනු ලබන ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ලට 2023- 2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට බලය හිමිවනවා.

ඒ අනුව ශම්මි සිල්වා මහතා නැවත සභාපති ලෙසත්, ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න උප සභාපතිවරුන් ලෙසත්, මොහාන් ද සිල්වා ලේකම් ලෙස 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කරනු ඇත.

Share This