බොරැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

බොරැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

බොරැල්ල, ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී අද උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 53 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මරා දැමූ පුද්ගලයා එකල දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් බවත්, එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ජෙනරාල් පාරමී කුලතුංග ඝාතන සිද්ධියට සම්බන්ධව ඔත්තු ලබා දීමට සැක පිට මේ පුද්ගලයා අත්අඩංගුවට පත් වී සිටි බවත් හෙළි වී තිබේ.

පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයා යතුරුපැදියකින් එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවය.

වෙඩි කෑමට ලක්වූයේ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.