145 වන නිල් මහ සටන ඇරඹේ

145 වන නිල් මහ සටන ඇරඹේ

කොළඹ රාජකීය විද්‍යාලයේ සහ සාන්ත තෝමස් විද්‍යාල අතර 145 වෙනි මහා ක්‍රිකට් තරඟය SSC ක්‍රීඩා පිටියේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.

දිවංගත ගරු ඩී.එස්. සේනානායක අනුමස්රණ පළිහ වෙනුවෙන් කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සටන් වදින මෙම තරගය මාර්තු 7, 8 සහ 9 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා..

තරග ආරම්භක දිනය වූ අද දිනයේදී කාසියේ වාසිය දිනූ රාජකය විද්‍යාලය මුලින්ම පන්දුවට පහර දීමට සාන්ත තෝමස් විද්‍යාලයට ඇරයුම් කළා…

මෙවර තරගයේදී, ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම මහිත් පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර, රාජකීය කණ්ඩායම තරගයට අවතීර්ණ වන්නේ. කඩුළු රකින ක්‍රීඩක සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුවය…

ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති මාර්ක් බිලි මෝරියා,රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තු හේවා යන මහත්වරුන් සමාරම්භක අවස්ථාවට එක්වුණා ..

Share This