ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් සේවය හැර ගිහින්

ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් සේවය හැර ගිහින්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙකක කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 415 ක් පමණ සේවයේ සිටිය යුතු අතර මේ වන විට ගුවන් යානා කාර්මික ශිල්පීන් 250 ක් පමණක් සේවය කරන බවත් කාර්මික ශිල්පීහූ පවසති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා කාර්මික ශිල්පීයෙක් රුපියල් 70,000 ක මූලික වැටුපට සේවයට පැමිණ උපරිම වශයෙන් රුපියල් ලක්‍ෂයත් ලක්‍ෂ දෙකත් අතර වැටුපක් ලැබිය හැකි අතර විදේශ රටවල ඇතැම් ගුවන් සමාගම් වල ගුවන් යානා කාර්මික ශිල්පීන්ට රුපියල් ලක්‍ෂ 10 ක් වැනි ඉහළ වැටුපක ඉල්ලුමක් ඇති බවත් කාර්මික ශිල්පීහූ සඳහන් කරති.