නව ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රීඩා ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

නව ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රීඩා ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

ක්‍රිකට් නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර තැනකට ඔසවා තැබීමට හැකි වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග ක්‍රීඩා අමාත්‍යවරයා කළ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මහතා මෙන්ම නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෝ එම සාකච්ඡාවට සහභාගී වූහ.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී පැවසූයේ, ජනාධිපතිවරයා ටිකෙන් ටික රට ඉහළට ඔසවන අයුරින් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගැනීම තම අරමුණ බවයි.

Share This