ගුරු ශික්ෂණලාභීන්ට පත්වීම් දීමට තොරතුරු රැස් කරයි

ගුරු ශික්ෂණලාභීන්ට පත්වීම් දීමට තොරතුරු රැස් කරයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2018/2020 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව, ncoe.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි 2023.04.21 දින සිට 2023.04.25 දින දක්වා එම ශික්ෂණලාභීන්ට ‍මේ සඳහා අයදුම් කළ හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි වේ.