කෙහෙළිය අධිකරණයට

කෙහෙළිය අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් අමාත්‍යවරයාගෙන් පැය 10ක පමණ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණේ ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙනි.

දැනට පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වූ රඹුක්වැල්ල මෙම එන්නත් අපරාධය සම්බන්ධ කෙරෙන පුළුල් විමර්ශන වලදී මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති ඉහළම නිලධාරියා වේ.

Share This