සෞඛ්‍ය වෘත්තිය සමිති යෝජනා සළකා බලන්න විශේෂ කමිටුවක්

සෞඛ්‍ය වෘත්තිය සමිති යෝජනා සළකා බලන්න විශේෂ කමිටුවක්

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙනයාම සදහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් අද (19) විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව, සෙඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ සහ සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින්ගෙන් සමන්විත එම කමිටුව හෙට (20) පස්වරුවේ රැස්වීමට නියමිතය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (19) පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කමිටුව පත් කරනු ලැබීය.

වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී කියා සිටියේ, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වෘත්තීය සමිති ගැටළුවව පිළිබදව මැදහත් පිළිවෙතක සිට කටයුතු කරන බවත්, එය ඉතා අගය කරන බවත්ය.

සෑම විටම වෘත්තීය ඉල්ලීම් පිළිබදව ඇහුම්කම් දෙමින් ඊට සාධාරණත්වයක් ලබාදීමට අමාත්‍යවරයා නිරතුරු කටයුතු කරන බව ද ඔවුන් පෙන්වා දුන්නේය.

සෑම වෘත්තීයකටම වෘත්තිය අයිතිවාසිකම් ලබාගැනීමේ හිමිකමක් තිබෙන බවත්, වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීමේ දී අනෙකුත් වෘත්තීන්වල ගෞරවය අභිමානය රැකෙන පරිදි කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

වත්මන් ආර්ථීක අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින් ද අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ නිසාවෙන් මෙම ඉල්ලීම් වල යම් සාධාරණත්වයක් තිබෙන බව ද අමාත්‍යවරයා මෙහෙදී සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න, වත්සලා ප්‍රියදර්ශණී, යන මහත්මින් ඇතුලු සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.