ගසක් කඩා වැටී කොළඹ ගමනා ගමනයට බාධා

ගසක් කඩා වැටී කොළඹ ගමනා ගමනයට බාධා

කොටුව දුම්රියපොළ ඉදිරිපිට විශාල ප්‍රමාණයේ මාර ගහක් කඩා වැටීමෙන් ඕල්කට් මාවතේ රථවාහන ගමනාගමනය එක් මංතීරුකට සීමා කර තිබේ.

කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආරක්ෂක අංශ මේ වනවිට ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.

මේ අතර ඇදහැලෙන තද වැසි සමඟ කොළඹ මරදාන, ආමර්වීදිය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත

ඒ අනුව අදත් පළාත් රැසකට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද අලුයම් කාලයේ සිට කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවලට තද වැසි ඇද හැලුණි.

ඒ සමග කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවුණි.

මරදාන ඩීන්ස් මාර්ගයේ කොටසක් ද ජලයෙන් යටවී තිබුණි.

Share This