‘හරක් කටාට’ CIDයෙන් පනින්න උදව්කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

‘හරක් කටාට’ CIDයෙන් පනින්න උදව්කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට ඉන් පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත නිලධාරියෙකි.

සැකකරු ඊයේ (06) දහවල් කාලයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම පොලිස් වසමේදීය.

ඔහු 36 හැවිරිදි දික්කුඹුර, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හරක්කටාට පැනයාමට තැත්කල මෙහෙයුම විදෙස්ගතව මෙහෙයවූ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තා සමග ද මෙම පොලිස් සැරයනවරයා වට්ස්ඇප් හරහා සම්බන්ධවෙමින් කටයුතු කර ඇති බවයි විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ.

Share This