ගොවිතැනට කැමති තරුණයෙකුට මිලියනයක්

ගොවිතැනට කැමති තරුණයෙකුට මිලියනයක්

තරුණයින් ගොවිතැනට ආකර්ශනය කර ගැනීමේ වැඩ සටහන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

2024 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර එයින් මිලියන 1000ක් මේ සඳහා වෙන් කෙරෙනු ඇත.

ගොවිතැනට කැමති තරුණයින් 1000ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියනය බැගින් දී අපනයනය ඉලක්ක කර ගත් වගාවන් සඳහා යොමු කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලබන වසරේ දී ප්‍රධාන බෝග හතරකට ප්‍රමුඛත්වය ලබා දී වගා කෙරෙන අතර ඊට වී, බඩඉරිඟු, මිරිස් සහ අර්තාපල් අයත් වන බව අමාත්‍යවරයා කීය.

තරුණ ප්‍රජාව මෙම බෝග වගා කිරීම සඳහා මෙන්ම දැනට අන්තර්ජාතිකව ඉල්ලුමක් ඇති බෝග වගාව සඳහා ඔවුන් උනන්දු කිරීමටත්, විශේෂයෙන් තරුණ ප්‍රජාවට කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහාත් මෙම පියවර ගත යුතුව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Share This