මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට ගමන් තහනමක්

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට ගමන් තහනමක්

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක ගමන් තහනමක් පැනවීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව බහුදින ධීවර යත්‍රාවන්හි සවිකර ඇති වී.එම්එස් යන්ත්‍ර හරහා ධීවර දෙපාර්තමේන්තුවට වාර්තා වූ මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා වලටයි මෙලෙස අදාළ තහනම පනවා ඇත්තේ.

අද (08) ධීවර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසුවේ ඉදිරියේ දී මුහුදු සීමා උල්ලංඝනය කිරීම් වාර්තා වූ විට කිසිදු සහනයක් ලබා නොදෙන බවයි.

Share This