web hit counter
ගම්පහ ළමා නිවාසයකින් ගැහැණු ළමයින් තිදෙනෙක් පැන ගිහින්

ගම්පහ ළමා නිවාසයකින් ගැහැණු ළමයින් තිදෙනෙක් පැන ගිහින්

ගම්පහ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි අවුරුදු 16 වයසේ පසු වන බාල වයස්කාර ගැහැණු ළමයින් තිදෙනකු එම ළමා නිවාසයෙන් හොර රහසේ පලා ගොස් ඇතැයි ගම්පහ මුලස්ථාන පොලිසිය පවසයි.

ළමා නිවාස පාලිකාව මේ බව ගම්පහ මුලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

ළමා නිවාසයෙන් හොර රහසේ පලා ගිය ගැහැණු ළමයින් තිදෙනා ගැන තොරතුරු අවට පොලිස් ස්ථානවලට ද දැනුම්දුන් බව පොලීසිය සඳහන් කරයි.

ගම්පහ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම දැරියන් සොයා ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )