තුන්හැවිරිදි දරුවාට දස වධ දුන් පියා අත්අඩංගුවට

තුන්හැවිරිදි දරුවාට දස වධ දුන් පියා අත්අඩංගුවට

සිය තුන් හැවිරිදි දරුවාට ආහාර නොදී බියගන්වමින් කෘෘරත්වයට පත්කළ පියෙකු ඊයේ (24) රාත්‍රියේ කරන්දෙණිය අනුරුද්ධගමදී ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩා පිරිමි දරුවෙකුට කෘෘර ලෙස සලකන බවට 118 කෙටි පණිවුඩ මධ්‍යස්ථානයට ආ ඇමතුමක් මත ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අවුරුදු 24 ක් වූ කරන්දෙණිය, අනුරුද්ධගම ප්‍රදේශයේ පදිංචි අරක්කැමිවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ බිරිඳ රැකියාවක් සඳහා විදේශගතවී ඇති අතර ඇයට පෙන්වීම සඳහා මෙම වීඩියෝව කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

විදෙස්ගතව සිටින සිය බිරිඳ මුදල් එවනුයේ ඇයගේ මවට බවත් සැකකාර සැමියාට මුදල් නොඑවන නිසා සැකකරු මේ වීඩියෝව සිය බිරිදට යවා ඇති බවට මූලික විමර්ශණ වලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.

එලෙස යැවූ වීඩියෝව ඔහුගේ බිරිඳ සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර සිය තුන් හැවිරිදි දරුවා බේරා දෙන ලෙස ඉල්ලා සැකකරුගේ ලිපිනය එහි සදහන් කර තිබේ.

ඒ අනුව, ලැබුණු තොරතුරුවලට අනුව මේ සැකකරු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.